Posts

Showing posts from 2017
Heroin  හෙරොයින්.. . "තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට මං දුවගෙන එලියට ආවෙ මගේ උපන්දින කේක් එක අද ගේන නිසා. මට ඕන වුනේ රෙස්ලින් රින් එකක් විදියට හදපු කේක් එකක්. ඒ දවස් වල අපේ පංතියේ කොල්ලොන්ට තිබුනේ රෙස්ලින් පිස්සුවක්. පවුලේ එකම කොල්ලා වුන මට අම්මා තාත්‍තා ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්නා. නංගිට වඩා අම්මා ආදරේ මට. මං ගියේ කොළඹ ලොකු ඉස්කෝලෙකට. ඉගෙනීමට වඩා මං දක්ෂ ස්පෝට්ස් වලට. ස්විමින්, බැඩ්මින්ටන්, මේ හැමදේකින්ම මං ස්කූල් චැම්පියන්. " "අම්මේ... නෙක්ස්ට් වීක් අපේ ස්කූල් ට්‍රිප් එක. 3000/= ගේන්න කිව්වා." "තාත්තාගෙන් ඇහුවද?" "නෑ! අනේ අම්මේ... ආයේ ලබන අවුරුද්දේ යන්න වෙන්නෙත් නෑනේ. ඕ ලෙවල් වලට පාඩම් කරනකොට! ප්ලීස්! තාත්තාව ශේප් කරලා දෙන්නකො. මගේ සුදු අම්මීනේ?" "හරි හරි. මං කියන්නම්. " ........................................................................... "ට්‍රිප් එක යන්න අම්මා කොහොම හරි තාත්තාට බටර් ගාලා මට සෙට් කරලා දුන්නා. ඉස්කෝලේන් ඉල්ලුවේ 2000/= වුනාට දාහක් වැඩිපුර ගත්‍තේ කසුනාගෙ අයියාට කියලා අපි බියර් ටිකක් ගන්න සෙට් කරග
Image
ඒ කාලෙ මං හිතුවෙ Facebook තමා මගේ මුළු ලෝකයම කියලා. දවසෙම පැය 24න් 18 ක් 20ක්ම online. ඔහොම පිස්සු නට නට ඉද්දි. අහම්බෙන් request එකක් එනවා. බලද්දී කෙල්ලෙක්. ඉතින් මං confirm කරනවා. ටික කාලයක් යනවා. හි හු ගාගෙන කොහොම හරි චැට් එකට සෙට් වෙනවා. දන්නෙම නැතුව ආදරෙන් වෙලෙනවා. ඔන්න උබලා හොයන සැබෑ ආදරේ මට හම්බ වෙනවා. යාළු වෙලා දවස් දෙකයි. රෑ 11ට විතර කියනවා. අයියෙ මට දෙයක් කියන්න තියෙයි. මේක අහලා ඔයා මාව දාලා ගියත් කමක් නැ ඒත් අයියේ මට අයියාව රවට්ටන්න බැහැ කියලා. මං කිව්වා දාලා යන්න හරි කියන්න එපැයිනෙ නංගියා ඔයා කියන්න. මං ඔයාත් එක්ක ඉන්නවා කියල‍ා. ඔන්න ඒයාගෙ අදුරු අතීතය ආවර්ජනය කරා. රත්තරං අයියෙ මට එක තැනක වැරදුනා.. මං ඉස්කොලේ යන කාලෙ ආදරේ කරපු අයියා ටික්... ටික්....ටික්...... කරා. කියලා ඒත් මං එයා වෙනුවෙන් සැහෙන කාලයක් බලන් හිටියා ඒත් එයා අවේ නෑ කිව්වා. මගේ පපුව හොස් ගාලා ගියා. මං ගත් කටටම කිව්වා නංගි මං ඔයාගෙ පතිවත බලාපොරොත්තු වෙන්නෑ. මොකද ඔයා නොදනුවත් කමින් උන වැරැද්දක් නිසා. මට එකට අවුලක් නෑ කියලා. එවලෙ එයා ඇඩුවා පට්ට හැගිම් ටිකක් පිට උනේ. ඒත් මං මෙහෙමත් කිව්වා මේ ආය කවදාවත්