Posts

Showing posts from April, 2016

ලංකා ලෙඩ

ලංකා ලෙඩ ලංකාව කියන්නේ..........විසාල කැලයක් නෙවෙයි, අමුතු ලෙඩ ගොඩක් තියෙන මිනිස්සු ඉන්න දූපත් බිජ්ජක්. පොස් ගණයට වැටෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ අතික්‍රමණය කරලා අපේ උන්ට තියෙන්නේ වෙන බහුබූත ලෙඩ. මේවා ඔක්කොම ගැන එක පාර කියන්න ගියොත් බජට් එක කියෙව්වා වගේ නන්නස්තාර වෙන්න වෙනවා. ඒ නිසා එක ම එක ඒත් අසාධ්‍යම ලෙඩක් ගැන තමයි කියන්නේ. මේ ලෙඩේ ගොඩක් තියෙන්නේ අපි ජීවත් වෙන ගෙදර උන්ට නෙවේ. සරලව කිව්වොත් අපේ වත්ත හතර මායිමෙන් එහා ඉන්න, අපිව දන්න හැම නරයාටම මේ අමාරුව තියෙනවා. අපි කක්කුස්සියට යන්නේ කොහොමද, ඒ ගියාම වැඩේ වෙන්නේ කොහොමද, මල බද්ධෙද නැත්තන් අර්ශස් වගේ ද කියන්න ගොඩක් උන්ට පුළුවන්. තමන් කක්කුස්සියට යන්නේ කොහොමද, ඇත්තටම තමන්ගේ ගෙදර දොට්ට පිළක් තියේද කියන එක නොදැන අනුන්ගේ ලැට් හාරන එක තමයි මේ ලෙඩේ. සිරි ලාංකිකයන් වශයෙන් අපිට ටොම්බා වර්ගයේ නෑදෑ සනුහරයක් ඉන්නවා. ඒ හැමෝම අවංකව ම අපිට ආදරෙයි. හැබැයි මේ ලෙඩේ නිසා ආදරේ දෙපිටින් යනවා. තමන්ගේ ගෙදර ඉන්න කොල්ලයි බල්ලයි හදාගන්න කලින් අපේ වරිගේනේ ඉතින් කියලා තමන්ගේ අයියාගේ අක්කාගේ ළමයි හදන්න එනවා. තමන්ගේ එකී වැද්දෝ එක්